නිවාඩුවක් ලද වහා පන්සලකට නොයා විනෝද චාරිකා යාම අභාග්‍යයක්! කැකිරාව පොලිස් ස්ථානාධිපති

February 19, 2019 at 4:45 am | by admin

බෞද්ධයන් නිවාඩු දිනයක් ලද වහා පන්සල් නොගොස් විනෝද චාරිකා යාමට ඇබ්බැහි වීම කනගාටුදායක කරුණක් බව කැකිරාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලක් බී. ගනේගොඩ මහතා පවසයි.

ත‍්‍රිපිටකය ග‍්‍රන්ථාරූඩ කර බෞද්ධ උරුමයක් බවට පත්කිරීම හා ලෝක උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් වූ බෞද්ධ සතියේ පිංඩපාත දිනය නිමිති කරගෙන දහසය වෙනිදා පවත්වනු ලැබූ පෙරියකුලම ප‍්‍රජා පොලිස් කමිටුව විසින් සබ්බදාන පිණ්ඩපාත චාරිකාවට සම්බන්ධ වෙමින් හෙතෙම මේ අදහක් දැක්වීය.

පෙරියකුලම ශ‍්‍රී සදානන්ද පරිවේනාධිපති පූජ්‍ය රඹෑවේ විජිතරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කැකිරාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලක් බී. ගනේගොඩ මහතාගේ උපදෙස් මත මෙම පිණ්ඩපාත චාරිකාව සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට සහභාගි වූ කැකිරාව පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ අපේ බෞද්ධ උරුමය ලෝක උරුමයක් බවට පත්වී ඇති මෙවන් අවදියක අපේ බෞද්ධයෝ නිවාඩු දිනයක් ලැබූ විගස ළඟම ඇති පන්සලට නොගොස් විනෝද චාරිකා යොදාගනිමින් විවිධ දේ සිදුකරන සමාජයක් වර්තමානයේ නිර්මාණය වී තිබීම කණගාටුවට කරුණක් බවයි.

එවන් වටපිටාවක මෙම පිණ්ඩපාත චාරිකාව බෞද්ධාගමේ වටිනාකම මොනවට පැහැදිලි වන බවත්, ඒ තුළින් බෞද්ධ ප‍්‍රබෝධයක් ඇතිවි මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදී විවිධ අකටයුතුකම් දුරුවන සමාජයක් බිහිවනු ඇති බවට විශ්වාසය පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස