නිව්ඩාවෙන් රටට ම ආදර්ශයක්…: ලලිත්ගේ ගෙදරත් මැර කල්ලි වට කරති…! ගම්මු එක්වී නිවස රැකදෙති…!

May 11, 2022 at 11:27 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවලගේ බණ්ඩාරගම නිව්ඩාව නිවසට කලහාකාරීන් පිරිසක් පහරදීමට ආ අවස්ථාවේ ගම්වාසීන් පිරිසක් එක්ව ආරක්ෂා කිරීමට කටයුතු කළ බව අලුබෝමුල්ල පොලිසිය කියයි.

යතුරු පැදි ඇතුළු විවිධ වාහනවලින් මන්ත්‍රිවරයාගේ නිවසට පහරදීමට විශාල පිරිසක් පැමිණෙන බවට නිව්ඩාව ගම්වාසීන්ට දැනගැනීමට ලැබීමත් සමඟම එම ගම්වාසීන් සහ ඒ අවට ප්‍රදේශවල තුන්සියයක් පමණ දෙනා ස්වෙච්ඡාවෙන් ඔහුගේ නිවස ආසන්නයට පැමිණ ආරක්ෂාව සැපයීමට කටයුතු කළ බව පොලිසිය කියයි

යතුරු පැදිවලින්,ත්‍රිරෝද රථවලින් පොලු මුගුරු රැගෙන පැමිණි කලහාකාරී පිරිසට රැකවල්ලා සිටි පිරිස විසින් මන්ත්‍රීවරයාගේ දේශපාලනය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ඔහුන් ආපසු පිටව ගොස් තිබිණි

ගම්වාසීන් ඇතුළු පිරිස රෑ බෝ වන තෙක් මන්ත්‍රීවරයාගේ නිවස අසල රැඳී සිට ආරක්ෂාව සැපයීමට ක්‍රියා කළහ

ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා පසුපෙල මන්ත්‍රීන්ගේ දස දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *