නිවසේ සිට රාජකාරී කිරීම අවසන්….! සියලු රාජ්‍ය සේවකයින් රාජකාරියට කැඳවයි…!

July 30, 2021 at 3:23 pm | by emanisa.lk

කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව 2021 අගෝස්තු මස 02 වන දින සිට සියලු ම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවා තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි ඒ බව දැනුම් දී ඇත.

කොවිඩ් රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබේ.

රාජ්‍ය සේවකයන් බහුතරයක් එන්නත්කරණයට ලක්කර ඇති බැවින්, රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇතැයි එහි සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *