නිවසින් පිටට එන බ්‍රිතාන්‍ය වැසියන් අත්අඩංගුවට! වැරදිකරුවන්ට පවුම් 960ක (රු. 225 000) දඩයක්!

March 27, 2020 at 11:37 pm | by emanisa.lk

නිවෙස් තුළට වී සිටින ලෙසට රජය විසින් සිදුකර ඇති දැනුම්දීම් නොසලකා සිය නිවෙස්වලින් පිටතට පැමිණෙන පුද්ගලයින් සොයා බ්‍රිතාන්‍ය පොලීසිය දැඩි මෙහෙයුම් ආරම්භ කර තිබේ. විදෙස් වාර්තා පැවසුවේ බ්‍රිතාන්‍යයට අයත් සියලු රාජ්‍යයන්හි මාර්ගවලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි.

ඒ අනුව මාර්ගවල ධාවනය වන සියලූ රථවාහන දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙන අතර අත්‍යවශ්‍ය කටයුත්තකට හැර සිය නිවෙසින් බැහැරට පැමිණෙන පුද්ගලයින් හට දඩ පැනවීමටත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් පොලීසියට බලය පවරා තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවෙස්වලින් පිටතට පැමිණෙන පුද්ගලයින් හට ස්ටර්ලින් පවුම් 960 ක උපරිමයකට යටත්ව දඩ පැනවීමක් සිදුවෙයි.

ඒ අනුව යම් පුද්ගලයෙකු අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා කිහිපවරක් නිවෙසින් පිටතට පැමිණිය හොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් සියයට 7 ක් පමණ තවමත් මිතුරන් මුණ ගැසීමටත් තවත් සියයට 8 ක ප‍්‍රතිශතයක් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහාත් නිවෙස්වලින් බැහැරට පැමිණෙන බව වාර්තාවක් හෙළි කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *