නිවසක් නොමැති හිටපු කොටි සාමාජිකයාට හමුදාවෙන් අලුත් ම නිවසක්…!

November 5, 2021 at 11:31 am | by emanisa.lk

පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයකු වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (03) සිදුවිය.

හිටපු කොටි සාමාජිකයකු වන ආර්. තබෝරූබන් වෙනුවෙන් මෙම නව නිවස ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

තබෝරූබන් දැනට සිය සහෝදරියගේ නිවසේ වාසය කරන අතර යාපනේ උඩුවිල් ප්‍රදේශයේ මෙම නිවස ඉදිකෙරෙයි.

මේ සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *