නිල ඇඳුම් වෙනුවට වව්චර්පත් දීමෙන් රු. දස ලක්ෂ 450ක පාඩුවක්!

August 26, 2019 at 11:33 am | by emanisa.lk

පාසල් නිල ඇඳුම් වෙනුවට මෙම වසර සඳහා වවුචර්පත් නිකුත් කිරීමේදී දළ වශයෙන් රුපියල් දස ලක්ෂ හාරසිය පනහක පමණ පාඩුවක් සිදු වී ඇතැයි තමාගේ ගණනය අනුව පෙනී යන බව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න පවසයි.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ වවුචර්පත් නිකුත් කිරී‍මේදී වංචාවක් සිදු වී ඇති බවට කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිල්ල පසුගිය 23 වැනිදා විභාගයට ගත් අවස්ථාවේදීය.

මේ සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී එම්. ගුණසේකර එදින කැඳවා තිබූ අතර, සභාපතිවරයා ඉහත ප්‍රකාශය කළේ ගණකාධිකාරීවරයාගේ සාක්ෂි අනුවය.

වව්චර් පත් නිකුත් කිරීමේදී සහ නිල ඇඳුම් රෙදි ලබා දීමේදී වැය වන මුදලේ වෙනස වෙන වෙනම ගණන් බලා එහි වෙනස අනුව මෙම ගණනය කිරීම සිදුකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස