නිල ඇඳුම් වවුචර් තීන්දුව නිසා රජයට රු. 538ක පාඩුවක්! රෙදි ආනයනයට පිට රටට ඇදී ගිය මුදල රු. මිලියන 1044යි!

April 7, 2019 at 11:39 am | by admin

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2018 වසරේදී පාසල් දරුවන්ට නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීම නිසා රජයට රුපියල් මිලියන 538.5 ක අමතර මුදලක්‌ දැරීමට සිදු වී ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්‍ෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව වෙත පෙත්සමක්‌ යොමු කර ඇත.

පාසල් දරුවන්ට පෙර පැවැති ක්‍රමයට නිල ඇඳුම් ලබාදුන්නා නම් රජයට දැරීමට සිදුවන වියදම රුපියල් මිලියන 2145.5 ක්‌ පමණි. නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීම නිසා රජයට රුපියල් මිලියන 2685 ක වියදමක්‌ දැරීමට සිදුව ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ එම තීරණය නිසා රජයට සහ ජනතාවට රුපියල් මිලියන 538.5 ක අමතර මුදලක්‌ දැරීමට සිදුවීමට අමතරව වවුචර් ලබාදීම නිසා නිමි ඇඳුම් පිටරටින් ගෙන්වීමට සිදුවීම නිසා විදේශිකයන්ට රුපියල් මිලියන 1044 ක මුදලක්‌ ඇදී යයි.

වවුචර් නිකුත් කිරීමේ අරමුණින් පරිබාහිරව වෙනත් කූට ව්‍යාපාරවලට යොදා ගැනීමට ඉඩ සලසා තිබේ. වවුචර් මුද්‍රණය කිරීම සඳහා වැය වූ මුදල වූ රුපියල් මිලියන 11 න් 50% ක්‌ දේශපාලනඥයන්ගේ වර්ණ ඡායාරූප ඊට ඇතුළත් කිරීම සඳහා වැයවී ඇත.

වවුචර් මගින් ලැබෙන ඇඳුම් එකම ප්‍රමිතියකින් යුක්‌ත නොවීම, වවුචර් මගින් ඇඳුම් ලබාගැනීමේදී දෙමවුපියන්ට අමතර වශයෙන් ගමන් වියදම් සහ ශ්‍රමය වැය කිරීමට සිදුවීම ආදී කරුණු ද පෙත්සමේ සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස