නිල ඇඳුම් වවුචරයට දේශපාලන මූණත්තහඩු වෙනුවට දරු පැටව් ටිකක්! වව්චරයේ වටිනාකම රු. 210කින්ම ඉහළ දමයි!

January 4, 2020 at 10:44 am | by emanisa.lk

පසුගිය ආණ්ඩුව පාසල් නිළ ඇඳුම් වවුචර්පතට ඇතුළත් කර තිබූ දේශපාලකයන්ගේ ඡායාරූප වෙනුවට මෙවර වව්වචර පතට පාසල් දරුවන් පිරිසකගේ රුව ඇතුළත් තිබේ.

එහෙක් වචුවර් පත්වල එවක ජනාධිපති, අගමැති, අධ්‍යාපන ඇමති සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාගේ ඡායාරූප ඇතුළත් කර තිබිණි.

මේ අතර මෙවර පාසල් නිල ඇඳුම් ලබාදීම සඳහා නිකුත් කෙරෙන වවුචරය මගින් පාසල් සිසුන්ට පිරිනමන මුදළ දැමීමට ද කටයුතු කර තිබේ.

මෙතෙක් රු.525ක් වූ වව්චර වටිනාකම මෙවර රු. 735ක් දක්වා ඉහළ නංවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස