නිරෝධායන සමයේ දිළිඳු ජනතාවට රු. 2000ක දීමනාවක්…!

August 21, 2021 at 11:49 am | by emanisa.lk

නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ ආදායම් අහිමි වී ඇති දිළිඳු පවුල් වෙනුවෙන් රුපියල් 2000 ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල සඳහන් කළේ ලබන සඳුදා සිට එම දීමනාව ලබා දීම ආරම්භ කරන බවයි.

කිසිදු වෙනත් දීමනාවක් නොලබන පවුල් සඳහා මෙම දීමනාව හිමි වන අතර ඊට සුදුසුකම් ලබන පවුල් හඳුනා ගැනීම සඳහා ලැයිස්තු සකස් කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන් බව ද ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published.