නිරෝධායන නීති ලිහිල් කිරීමෙන් අලුත් රැල්ලක්…! – නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්….

October 12, 2021 at 7:28 am | by emanisa.lk

කොවිඩ් මර්දනය සඳහා පැන වූ සීමාවන් ඉවත් කිරීම හේතුවෙන් වෛරස ව්‍යාප්තිය ඉහළ යෑමේ වැඩි ඉඩකඩක් පවතින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ආසාදිතයන්ගේ සහ මරණවල අඩු වීමක් සිදු වුව ද, කොවිඩ් වෛරසයෙන් ජනතාව කිසිසේත්ම මිදී නොමැති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

සංචරණ සීමාවන් ලිහිල් කළ ද, කොවිඩ් මර්දන සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන්ම පමණක් මෙම වෛරසය ආසාදනයෙන් මිදිය හැකි බව ද හෙතෙම පැවසුවේය.

නව සාමාන්‍යකරණයකට අනුව ජනතාව ජීවත් වීමට හුරු විය යුතු බවත් තවත් දශක ගණනාවක් යන තෙක් මෙම ආසාදනයෙන් මිදීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කළේය.

මුව ආවරණය නිසි පරිදි පැළඳීම ඇතුළු සෞඛ්‍ය පුරුදු නිසි ලෙස අනුගමනය කිරීමෙන්ම පමණක් මෙම වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි බව ද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *