නිරෝධායන නීති නොතකා බූරුව ගහලා! නාවලපිටිය එජාප නගරාධිපති ඇතුළු පිරිසක් අත්අඩංගුවට!

April 30, 2020 at 11:03 pm | by emanisa.lk

නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව (එජාප) ඇතුළු ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදි අද(30) අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු ඔහුගේ සමීපතම හිතවතුන් 7 දෙනෙකු ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව සංචාරක හෝටලයක නිරොධාන රෙගුලාසි උල්ලංඝනය කරමින් බීමත්ව මුදල් ඔට්ටුවට සුදු ක්‍රීඩා කරමින් සිටින බවට හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වටවල සහ ගිනිගත්හේන පොලිස් ස්ථාන වල නිලධාරින් එකාබද්ධව වැටලිමක් සිදු කර සැකකරුවන් අටදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

වැටලිම සිදු කරන අවස්තාවේ මුදල් ඔට්ටුවට සුදු ක්‍රිඩා කිරිමට භාවිත කළ මුදල්, රා බෝතල් කිහිපයක් සහ සභාපතිවරයාගේ පුද්ගලික වාහනය සහ ඔහුගේ හිතවතුන් පැමිණි මොටර් රථ දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

වැටලිම සිදු කරන අවස්තාවේ සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගිය බවත්, එම සැකකරුවන්ද අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති බව හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීහු කියා සිටියහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සංචාරක හෝටලයේ මුරකරුද වන අතර, සෙසු සැකකරුවන් නාවලපිටිය, නෝටන්බ්‍රිජ් කලවැල්දෙණිය, සහ හැටන් ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් (01) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස