නිරෝධායන නීති තවත් දැඩි වෙයි…! සියලු උත්සව ජන හමු අද රාත්‍රී සිට තහනම්…! අඟහරුවාදා සිට මංගල උත්සව තහනම්…!

August 15, 2021 at 5:24 pm | by emanisa.lk

සියලු මංගල උත්සව ලබන අඟහරුවාදා (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබේ. නැවත දැනුම් දෙනතුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල හෝ මංගල උත්සව පැවැත්වීම තහනම් වේ.

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් එක් පියවරක් ලෙස මෙම තීරණයට එළඹ තිබේ. මීට අමතරව අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනතාව ඒකරාශී වන සියලු උත්සව අවස්ථා තහනම් වේ.

අවන්හල්වල ධාරිතාව 50% නොඉක්මවිය යුතු බව පවසන කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකාය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් වැළකී සිටින ලෙසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *