නිරෝධායන නීති කඩල ගුරුවරු විශාල හානියක් කළා…! තව දින කිහිපයකින් ගුරු පොකුර බලා ගන්න පුළුවන්…! – PHI සභාපති….

August 10, 2021 at 9:29 pm | by emanisa.lk

නුදුරු අනාගතයේ දී ගුරු පොකුරක් බිහිවීමේ දැඩි අවදානමක් ඇතැයි මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

උද්ඝෝෂණවලට ඍජුව නඩු පැවරීමේ බලයක් තමන්ට නොතිබූ බවත් එසේ තිබිණි නම් තමන් නඩු පවරන බවත් ඔහු පෙන්වා දෙයි.

ගුරු පොකුර හඳුනා ගැනීමට තවමත් කාලය පැමිණ නැති බවත් එවැනි පොකුරක් බිහිවනු නොදැකීම තම ප්‍රාර්ථනාව වුවත් දින 14කට පසු එය ප්‍රාර්ථනාව ඉටු නොවන බවත් උපුල් රෝහණ සඳහන් කරයි.

ඊයේ (09) හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *