නිරෝධායන නීති කඩමින් විරෝධතා කළොත් ඉදිරියටත් අත්අඩංගුවට ගන්නවා….! – ඇමැති සරත්….

July 9, 2021 at 1:50 pm | by emanisa.lk

නිරෝධායන නීති කඩකරමින් උද්ඝෝෂණ හා රැස්වීම් පවත් වන කණ්ඩායම් ඉදිරියටත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

ඔහු අද (09) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසුවේ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස නිරෝධායනට යොමු කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධතාව පළ කරමින් අදහස් දැක්වූ අවස්ථාවේ දී ය.

“උද්ඝෝෂණ කරන අය අප මීට පස්සෙත් අත්අඩංගුවට ගන්නවා. නිරෝධායන කළ යුතු බව කියන්නේ සෞඛ්‍ය නිලධාරීන්. අපි ඒ අය මුලතිව් අරන් ගියේ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව.

මම කාන්තාවන්ට ඇඳුම් අරන් ගියේ නෑ. ඒ අය භාණ්ඩ නැහැ කියලා මට කිව්වා. මම ඒ ගැන පොලිස්පතිතුමාට කිව්වා පමණයි. මෙතනදිත් මම ඒක කළා නම් ඔබතුමාලා ස්ටාලින්ට ඇඳුම් අරන් ගියා කියලා කියාවි.

කවුරු කිව්වත් අපි නිරෝධායනය නවත්වන්නේ නෑ .නිරෝධායන නීති කඩකරමින් උද්ඝෝෂණය කරන අය අත්අඩංගුවට ගැනීමත් අපි නවත්වන්නේ නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *