නිරෝධායන නීතියට කින්ඩි දාන්න ගිය වීල්බැරෝ මෑන් අත්අඩංගුවට….!

May 25, 2021 at 9:46 pm | by emanisa.lk

අද (25) නිරෝධායන නීති ලිහිල් කළ අවස්ථාවේ වෙළෙඳසැලට බඩු ගෙන ඒමට ගොස් විල්බැරෝවෙන් බඩු රැගෙන ආ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම පුද්ගලයා බඩු රැගෙන එන ආකාරය වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර ඔහු මුව ආවරණයක් පැළඳ සිටියේ නැත.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ජනතාවගේ ජීවිත අවදානමට හෙළීමේ චෝදනාව යටතේ මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අලුත්ගම ධර්ගා නගරයේ හජි පටුමගේ පදිංචි මොහොමඩ් අජ්වාන් මොහොමඩ් රිස්වාන් නමැති 40 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අලුත්ගම ධර්ගානගරයේ බී. කේ. සුපර් ස්ටෝර්ස් නම් වෙළඳසැලන් භාණ්ඩ මිල දී ගෙන විල්බැරෝවේ දමා ගෙන යන අයුරැ තවත් පුද්ගලයෙකු ලවා රැප ගතකර සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණි.

දවස් 05ක සංචරණ සීමා කාලයක් සඳහා මෙම පුද්ගලයා කිලෝ එකේ කිරිපිටි පැකට් තුනක් ම රැගෙන යන ආකාරය ඡායාරූපවල දිස්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *