නිරෝධායන කාලය දින 21ක් වෙයි!

April 8, 2020 at 12:11 pm | by emanisa.lk

නිරෝධායනයට ලක් කිරීමේ කාල සීමාව දින 21 දක්වා වැඩි කිරීමට කොවිඩ් -19 ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර ඇත.

මෙතෙක් කල් නිරෝධායනය කරනු ලැබුවේ දින 14 ක කාලයක් පමණි. එහෙත් මෙම කාල සීමාව තුළ නිරෝධායනය කළ ඇතැම් පුද්ගලයන්ට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

තවද නිරෝධායන මධ්‍යස්ථානවලින් නිවෙස් කරා නිරෝධායනය කරන පුද්ගලයන් යොමු කිරීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය. මෙතෙක් කල් නිවෙස්වලට යොමු කළ පිරිස මෙලෙස පී.සී. ආර්. පරීක්ෂණයකට ලක් කර නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස