නිරෝධායන ඇඳිරි නීතිය තව සතියකට දීර්ඝ කරයි…!

September 3, 2021 at 12:33 pm | by emanisa.lk

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා තව දින 7කට රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, එම තීරණය ගත් බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඒ අනුව දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 13 වන සඳුදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ලදි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *