නිරෝධායනය වී ගෙදර පැමිණි තවත් අයකුට කොරෝනා!

April 5, 2020 at 1:44 pm | by emanisa.lk

කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24 වන දින සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කොරෝනා වෛරසය ආසාදනය වි ඇති කලුතර ප්‍රදේශයේ පුද්ගලයා පැමිණි බස් රථයේම පැමිණ ඇති අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකුටද කොරෝනා ආසාදනය වි ඇති බව අද(05) තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

කලුතර පුද්ගලයාට කෙරෝනා වැළඳිමෙන් පසු ඔහු සමග බස් රථයේ පැමිණි ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පුද්ගලයින් පිරිසක් මාතර කඹුරුගමුව ලැබිම රෝහලට සහ කරාපිටිය රෝහලට ඊයේ (04) ඇතුළත් කර ඇත.

එහිදි කරන ලද පි.සී.ආර්.පරික්ෂණයේදි අනාවරණයවි ඇත්තේ ලැබීම රෝහලට ඇතුලත් කරන ලද අකුරැස්සේ මලිදුව පදිංචි පුද්ගලයාට කොරෝනා ආසාධනයවි ඇති බවය.

රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ 42 දෙහැවිරිදි මෙම රෝගියා අද කොළඹ අයි.ඩී.එච්.රෝහලට යවන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස