නිරෝධායනයේදී මිය ගිය දෙදෙනා ආදාහනයට එරෙහිව විරෝධතා!

May 3, 2020 at 10:21 am | by emanisa.lk

කොළඹ ගුණසිංහපුර බස් නැවතුම් පොළ ප්‍රදේශයෙන් නිරෝධායනය වෙනුවෙන් මුලතිව්, කේප්පාපිලව්, ගුවන් හමුදා කඳවුර වෙත ගෙනැවිත් සිටියදී ජිවිතක්ෂයට පත්වු පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (02) සවස මුලතිව් ප්‍රදේශයේදී නොසන්සුන්තාවක් හටගෙන තිබිණි.

නිරෝධායන මධ්‍යස්ථානය තුළ සිටියදී ඇති වු රෝගී තත්ත්වයක් මත වයස අවුරුදු 82 ක් හා වයස අවුරුදු 80 ක් වු පුද්ගලයින් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව තිබු අතර, මියගිය පුද්ගලයින්ගේ සිරුරු කොරෝනා නිරෝධායන නීති අනුව ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ නියෝග කොට ඇත.

එහෙත් මුලතිව් ප්‍රදේශයේදී විදුලිබලයෙන් ක්‍රියාත්මක වන ආදාහානාගාරයක් නොමැති බැවින් මළ සිරුරු මුලතිව්, මුල්ලියාවේ සුසාන භූමියේදී දර යොදා පිළිස්සීමට තීරණය කෙරිණි.

එහෙත් දර යොදා සිදු කරන ක්‍රියාවට ප්‍රදේශයේ ජනතාව විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර ඔවුන්ගේ සෞඛ්‍යට ඉන් තර්ජනයක් වේ යැයි ඇතිව තිබු සැකය හේතුවෙනි.

ප්‍රදේශවාසීන්ගේ විරෝධතාව හමුවේ මළ සිරුරු ආදාහනය කිරීමට ඊයේ සවස් වන තෙක් නොහැකි විය. කෙසේ වුවද රාත්‍රි කාලයේදී මුලතිව් සෞඛ්‍ය අංශ, පොලිසිය හා මුලතිව් ආරක්ෂක අංශ මැදිහත් වී මළ සිරුරු දර යොදා ආදාහනය කිරීමට කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස