නිරෝධායනයෙන් සැඟවී රට මැදට කොරෝනා ගෙන යයි! මධ්‍යම පළාතෙන් ප්‍රථම කොරෝනා රෝගියා වාර්තා වෙයි!

March 28, 2020 at 10:22 pm | by emanisa.lk

මහනුවර අකුරණ තෙළඹුවත්ත ප්‍රදේශයෙනේ ද කොරෝනා රෝගියකු වාර්තා වී තිබේ.

ඔහු ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය නොවී සැඟව සිටි පුද්ගලයකු වන අතර රෝග ලක්ෂණ පහළ වීමෙන් පසු මහනුවර රෝහලට ඇතුළු කර තිබේ.

ඔහු මධ්‍යම පළාතෙන් වාර්තා වන ප්‍රථම රෝගියා වන අතර ඔහු සමග ඇසුරු කළ පිරිස් වෙත ද කොරෝනා බෝ වීමේ අවධානමක් තිබේ.

මේ ආකාරයට නිරෝධායනය නොවී සැඟව සිටින අය සහ ස්වයං නිරෝධායනයට යොමු කළ ද එය කඩ කරන අය නිසා රට තුළ කොරෝනා පැතිර යාමේ දැඩි අවධානමක් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස