නිරෝධායනයෙන් පළාගිය මෝඩයන්ට අවසන් පැය 24 දෙයි! හෙටින් පසු දුටුතැන අත්අඩංගුවට! අවුරුදු 03ක් සිරගෙට!

March 23, 2020 at 8:50 pm | by emanisa.lk

විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනට ලක් නොවී සැඟවී සිටින පිරිස් සඳහා ස්වකැමැත්තෙන් නිරෝධායනය ඉදිරිපත් වීමට අවසන් කාලයක් ලබාදී ඇත.

ඒ අනුව හෙට 24 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත හෝ පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙස රජය විසින් දැනුම් දෙයි.

එහිදී කිසිවකුට දඬුවම් ලබා නොදෙන අතර එම පුද්ගලයා දින 14ක නිරෝධායන කටයුතු සඳහා යොමු යොමුකරයි.

මෙම අවසන් අවස්ථාව මග හරින සියලු දෙනා ආරක්ෂක අංශ විසින් වසංගත රෝග ආඥා පනත යටතේ සිය බාරයට ගෙන ඉන්පසුව නිරෝධායනයට ලක් කිරීමට නියමිතය.

එය අවසන් වූ පසු එම පුද්ගලයන්ට වසංගත රෝග පනත යටතේ නීතිමය කටයුතු කරන අතර ඒ යටතේ වසර තුනක කාලයක් දක්වා බන්ධනාගාර ගත කිරීමේ හැකියාව තිබේ. නඩු කටයුත්ත ක්‍රියාත්මක වන කාලයේදී රක්ෂිත බන්ධනාගාර ගත වීමට ද ඔවුනට සිදු වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස