කොවිඩ් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල දින 14ක නිරෝධායන කාලය සම්පූර්ණ කළ පිරිස් පසුගිය දිනවල පෙර දැනුම් දීමකින් තොරව රාත්‍රීයේ බස්වලින් රැගෙනවිත් ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ මාර්ග අසල බස්වා ගොස් ඇතැයි වාර්තා වෙයි.
මේ නිසා නිරෝධායනයට ලක්වූ පිරිස් සඳහා නිවෙස්වලට යාමේ දී බලවත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ. සමහරුන්ට සිය බඩු මළු ද ඔසවා ගෙන කිලෝ මීටර් 3-4 පා ගමනින් සිය නිවෙස් වෙත යාමට සිදුව තිබිණි.
ඒ නිරෝධායනයට ලක් වූ මෙම කණ්ඩායම් කිසිදු වාහනයකට නංවා ගැනීමට ජනතාව බිය වන හෙයිනි. මේ නිසා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ද දැඩි දුෂ්කරතාවකට පත්ව තිබේ.
ඉතාම විධිමත් ලෙස නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන ගිය කණ්ඩායම් නැවත රැගෙන ඒමේ දී වියවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වීම සමස්ත නිරෝධායන වැඩපිළිවෙළ කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටෙන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ මතයයි.