නිරෝධායනට එරෙහි වුණොත් අනෙක් ජීවිත අනතුරේ දාන්න එපා! විරුද්ධ වන අයට වෙඩි තබා මරා දමනු! – පිලිපීන ජනාධිපති

April 2, 2020 at 2:19 pm | by emanisa.lk

නිරෝධායන ක්‍රියාවලියට ගරු නොකරන සහ එම ක්‍රියාවන් කඩාකප්පල් කරන පුද්ගලයින්ට වෙඩි තැබීමට ආරක්ෂක අංශවලට හැකි බව පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේ (Rodrigo Duterte) ප්‍රකාශ කරයි.

නිරෝධායන ක්‍රියාවලියට සහය වන්නැයි තමන් සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පිලිපීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

“නීතිය ආරක්ෂා කරන හමුදාව, පොලීසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ සාමාජිකයිනි, නිරෝධායන ක්‍රියාවලියට සහය නොදක්වා ඔවුන් ක්‍රියා කරන්නේනම් හෝ ඔබගේ ජීවිතය අනතුරේ හෙළනවා නම් නොපැකිලිව ඔවුන්ට වෙඩි තබා මරා දමන්න” පිලිපීන ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේදී සඳහන් කර සිටියේය.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊයේ දිනයේදී පිලිපීනයේ මැනිලා අගනුවර පැවති විරෝධතාවකදී එම පිරිස් ඉතා කළහකාරී ලෙස හැසිරෙමින් ආරක්ෂක අංශ සමග ගැටුම් ඇති කර ගැනීමට කටයුතු කළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස