නිරෝධානයෙන් කට්ටි පැන සහනමලු බෙදලා! පුත්තලමට කොරෝනා⁣ ගෙනා පුද්ගලයාගේ බිරිඳටත් කොරෝනා!

March 30, 2020 at 9:46 am | by emanisa.lk

මාරවිල නාත්තණ්ඩිය ප්‍රදේශයෙන් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයාගේ බිරිඳට ද එම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මොහොමඩ් ෆුවාඩ් ෆාරුක් නමැති මෙම පුද්ගලයා මාර්තු 11 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර බලා ගොස් ඇති අතර ඔහු යළි ලංකාවට පැමිණ ඇත්තේ ඊට පසුදිනය. මෙම පුද්ගලයා ස්වයං නිරෝධායනයකට ලක්ව නොසිටි බව ද අනාවරණ වී නැත.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ඔහු කොළඹ පිටකොටුව ප්‍රදේශයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන මාරවිල ප්‍රදේශයේ නිවාස 100 කට පමණ බෙදා දී ඇති බව ද හෙළිවි තිබේ.

මේ අනුව මොහොමඩ් ෆුවාඩ් ෆාරුක් නමැති මෙම පුද්ගලයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග ඔහු පදිංචිව සිටි මාරවිල නාත්තණ්ඩිය ගැමුණු මාවත ප්‍රදේශයේ පිහිටි නිවාස 10 ක සිටි පුද්ගලයින් නිවෙස්වලම නිරෝධායනයට ලක් කිරීමට ද මේ වනවිට පියවර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස