නිරූපමා⁣ට චෝදනා පත්‍රයක්…! අල්ලස් කොමිසමට කැඳවයි…! රටට නාවොත් ඉන්ටර්පෝල් ලවා අල්ලන්න සූදානම්…!

October 10, 2021 at 4:17 am | by emanisa.lk

තමන් සතු සැබෑ වතුකම් හෙළි නොකිරීමේ චෝදනාව ගැන ප්‍රශ්න කිරීමට හිටපු ඇමැතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය ලබන සතියෙන් පසුව අල්ලස් හෝ දූෂණ කොමිසමට කැඳවන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

නිරූපමා රාජපක්ෂ මහත්මිය 1994 සිට වසර 2000 දක්වාද වසර 2005 සිට 2015 දක්වාද වසර 16ක් හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීවරියක සහ රාජ්‍ය අමාත්‍යවරියක ලෙස සේවය කළාය.

එම කාලය තුළ ඇය සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා අයථා ලෙස වත්කම් රැස් කරන ලද බවට සුප්‍රකට පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර තිබේ. එහෙත් ඇය තමන් හා තම පවුල සතු වත්කම් විධිමත් ලෙස මැතිසබයට මන්ත්‍රීවරයකු ලෙස ලබාදෙන වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශයන්හි ඇතුළත් කර නොමැති බවට අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි ලැබී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමගි ජන බලවේගය ඇතුළුව විවිධ තැනැත්තන් සහ සංවිධානවලින් පැන්ඩෝරා පත්‍රිකාවලින් චෝදනා නැගෙන ශ්‍රී ලාංකිකයන් ගැන විමර්ශනය කරන්නැයි අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කර ඇත.

මේ කරුණ සම්බන්ධයෙන් හිටපු ඇමැතිනි නිරූපමාගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා පසුගිය සිකුරාදා අල්ලස් කොමිසම වෙත කැඳවීය. එහිදි ඔහු ප්‍රකාශය ලබාදීමට තවත් දිනයක් ඉල්ලා සිටි අතර ඒ අනුව ලබන සිකුරාදා ඊට පැමිණෙන ලෙස කොමිසම දැන්වීය. ඔහුගේ ප්‍රකාශයේ තොරතුරුද පදනම් කරගෙන නිරූපමා රාජපක්ෂගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීමට අල්ලස් හෝ දූෂණ කොමිසම සිකුරාදා තීන්දු කළේය.

වත්කම් හෙළි නොකිරීම, බදු ගෙවීම පැහැර හැරීම, මුදල් විශුද්ධිකරණය යන චෝදනා ගැන නිරූපමා රාජපක්ෂගෙන් හා තිරුකුමාර් නඩේසන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු මෙම විමර්ශනය ආරම්භ කෙරේ. දැනට කොමිසමේ විශේෂ පරීක්ෂණ කණ්ඩායම් 5ක් ඒ සඳහා පත් කර ඇතැයි සඳහන්ය.

අයථා ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 160ක පමණ වත්කම් මෙම යුවල විසින් රැස්කර විදේශීය අක්වෙරළ සමාගම්වල රඳවා ඇතැයි පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර තිබිණි.

ලබන සතියේ හිටපු ඇමැතිනී නිරූපමාව අල්ලස් හෝ දූෂණ කොමිසමේ පෙනී සිටින ලෙස දැනටමත් සිතාසි යවා තිබේ. එහෙත් ඇය මේ වන විට විදේශගතව ඇතැයි වාර්තා වී ඇත. ඇය විදේශගතව සිතාසි බාර නොගතහොත් ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර්පෝල්) හරහා සිතාසි බාරදීමට අපේක්ෂා කරන බව අල්ලස් හෝ දූෂණ කොමිසමේ ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

– deshaya

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස