නියෝජ්‍ය කතානායක රිස්වි සාලිත් ගස්… ‘විශේෂඥ වෛද්‍ය’ බොරුවෙන් ගත් මන්ත්‍රීකමක් අනතුරේ…!

December 16, 2024 at 10:51 am | by emanisa.lk

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාට එරෙහිව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

විශේෂඥ වෛද්‍යවරයෙක් යැයි පවසමින් පාර්ලිමේන්තු පැමිණ රිස්වි සාලි මහතා දැන් සාමාන්‍ය වෛද්‍යවරයෙක් බවට පත්ව ඇතැයි මන්ත්‍රීවරයා චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් වැඩි තොරතුරු දැන ගැනීමට එම පැමිණිල්ල කරන බවත් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවට ද පැමිණි කරන බවත් නලීන් බණ්ඩාර සඳහන් කරයි.

නියෝජ්‍ය කතානායකවරයාගේ මන්ත්‍රී ධූරය අහෝසි කළ යුතු බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසීය.

අශෝක රන්වල මහතා පමණක් නොව ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ බොහෝ දෙනකුගේ ආචාර්ය, නීතිඥ, වෛද්‍ය පදවි බොහෝමයක් සාවද්‍යයි යැයි තොරතුරු ලැබෙමින් පවතින බව ද හෙතෙම තවදුරටත් එහිදී පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *