නියෝග කඩමින් පුරාවිද්‍යාවේ දුන් දානයට වැඩි හිමි නමට කොවිඩ්….! දෙපාර්තමේන්තුවේ අංශ 04ක් වසා දමයි…!

August 12, 2021 at 9:53 am | by emanisa.lk

රාජ්‍ය ආයතනවල කිසිදු උත්සවයක් සංවිධාන නොකරන ලෙස චක්‍රලේඛ නිකුත් කොට තිබියදීත් ඒ සියලු නියෝග කඩකරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පවත්වා ඇති දානමය පිංකම් උත්සවයකට සහභාගී වූ හිමිනමකට කොරෝනා රෝගය වැළඳී ඇති බව දැනගන්නට තිබේ.

අමාත්‍යංශ අතිරේක ලේකම්වරයකුගේ පියා වෙනුවෙන් මෙම දානමය පිංකම පසුගිය 9 වැනිදා පවත්වා ඇති අතර සියලු දෙනාට ම සහභාගී වන ලෙස දැනුම් දී තිබීම හේතුවෙන් විශාල පිරිසක් ඊට සහභාගී වී ඇති බව ද දැනගන්නට ඇත. ඊට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, අමාත්‍යංශ අතිරේක ලේකම්වරයා පවා සහභාගී වී සිට ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් යට කී හිමිනම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේම සේවය කරන්නකු වීම හේතු කොට ගෙන මේ වන විට එම දෙපාර්තමේන්තු‌වේ අංශ 4ක් වසා දමා ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් මේ වන විට පරීක්ෂණයක් ද ආරම්භ කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස