නියම දේශපාලන නැකැතට රනිල් පාර්ලිමේන්තුවට….! සමගි බලේ පළුවක් රනිල්ට….! සජිත්ගේ විපක්ෂ නායකකමටත් තට්ටු වෙයි…!

June 8, 2021 at 8:50 pm | by emanisa.lk

එජාප නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමත් සමඟ විපක්ෂ නායක ධූරය සඳහා ඔහු පත්කර ගැනීමේ සැලසුමක් ඇතැයි අනාවරණය වෙයි.

මේ වන විටත් සමගි ජන බලවෙගයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු රනිල් වික්‍රමසිංහට සහාය ලබා දීමට තීන්දු කර ඇතැයි ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

මේ තත්ත්වය නිසා සමගි ජන බලවේගය තුළ දැඩි නොසන්සුන් වාතාවරණයක් මතුව ඇතැයි වාර්තා වෙයි.

ඊයේ හදිසියේ ම සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කැඳවා සජිත් ප්‍රේමදාසට සහාය පළරන යෝජනාවක් සම්මත කර ගැනීමට කටයුතු කර ඇත්තේ මේ නිසා ය.

මේ සඳහා රවූෆ් හකීම්, මනෝ ගනේෂන්, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු 30 දෙනෙකු සහභාගී වුව ද හරීම් ප්‍රනාන්දු ඇතුළු 24 දෙනෙකු පමණ සහභාගී වී නොමැත.

හරීන් ප්‍රනාන්දු සහ පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් රනිල් වික්‍රමසිංහ හමු වී ඔහුට සහාය පළ කිරීමට එකඟ වී ඇතැයි ද මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස