නියමිත දිනට ඡන්දේ තියන්න බෑ! ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අහන්න! – මැකො ජනපතිට කියය….

April 3, 2020 at 8:41 am | by emanisa.lk

ජුනි මස 02 වැනි දිනට පෙර නව පාර්ලිමේන්තුව රැස් වීමට නොහැකි වුවහොත් ව්‍යවස්ථාමය ගැටලුවක් ඇති විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර වෙත යොමු කළ ලිපියක මේ බව සඳහන් වෙයි.

අප්‍රේල් මස 25 වන දින මැතිවරණය පැවැත්විය නොහැකි තත්ත්වයක් මේ වන විට මතුව ඇත. එහෙත් පාර්ලිමේන්තුව රැස්වීමේ නව දිනයක් ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයකින් නිවේදනය කළ යුතුව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන අනුව එම දිනය පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනයෙන් මාස තුනකට පසු දිනයක් නොවිය යුතුය. එබැවින් නව පාර්ලිමේන්තුව ජුනි මස 01 දාවත් රැස් විය යුතුව තිබේ. එසේ නම් මැතිවරණය මැයි 27 හෝ 28 වත් පැවැත්විය යුතුය. ඒ සදහා සංවිධාන කටයුතු මෙම 20 වැනිදාවත් ආරම්භ කළ යුතු තිබේ.

පවතින තත්ත්වය අනුව එම දිනවල මැතිවරණ කටයුතු සිදු කිරීමේ අපහසුතාව පෙන්වා දෙන මැතිවරණ කොමිසම ජනාධිපතිවරයා මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතු බවට යෝජනා කරයි.

මේ වන විට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය ද විසිරුවා හැර ඇති පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමට දැඩි උත්සාහයක නිරත වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස