නිමල් සිරිපාලට දූෂණ චෝදනා..! ඇමැතිකම අහිමි වෙයි..!

July 6, 2022 at 2:03 pm | by emanisa.lk

වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇතැයි ද වාර්තා වෙයි.

වරාය හා ගුවන් සේවා අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වාට උපදෙස්වලට අනුව මෙම තීරණය ගෙන ඇත.

ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන තුරු අමාත්‍යධූරයෙන් තාවකාලිකව ඉවත් වන ලෙස ජනාධිපතිවරයා ඔහුට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇති අතර, පරීක්ෂණ කටයුතු නිමවන තෙක් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කළ බව නිමල් සිරිපාල ද සිල්වා තීරණය කළ බවත් ඊට අදාළ ලිපිය යොමුකර ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *