නිදහස වෙනුවෙන් 545ක් නිදහස්!

February 3, 2019 at 10:48 am | by admin

71 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 545 දෙනෙකුට නිදහස ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ රැඳවියන් පිරිසකට එලෙස නිදහස හිමිවන බවයි.

මරණ දඬුවම ලද පිරිස ඇතුළු බරපතළ ගණයේ අපරාධ වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා එලෙස සමාව ලබාදී නොමැති බව ද ඔහු පැවසී ය. මේ පිරිස අතර ගලබොඩඅත්තේ ඥානසාර හිමි සිටින බවක් සඳහන්  නොවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *