නිදහස් වෙළඳ කලාප එන්නත්කරණ කටයුතු සාර්ථකයි…! දිනක් ඇතුළත 10700කට එන්නත්…!

June 26, 2021 at 11:08 pm | by emanisa.lk

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ට කොවිඩ් මර්දන එන්නත් කිරීමේ කටයුතු ආරම්භ කරමින් එන්නත් මාත්‍රා 10,700ක අද (26) ලබා දුන් බව කටුනායක ආයෝජන මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදාව මෙම එන්නත්කරණ වැඩසටහන සිදුකරයි. එම එන්නත්කරණ වැඩසටහන කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි අයි.සී.එල් , ස්මාර්ට් ෂර්ට්ස් , ඒ.ටී.ජී. සහ යූ.ටී.පී. යන කර්මාන්තශාලා පරිශ්‍රවල දී සිදු කෙරුණි.

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා තුළ සේවය කරන සියලු සේවක සේවිකාවෝ මෙම එන්නත් කරන වැඩසටහන සම්බන්ධ වූහ.

එමෙන්ම මීට පෙර කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන සේවකයින් 5,300 දෙනෙකුට ද නිදහස් වෙළෙඳ කළාප සෞඛ්‍ය නිලධාරීන් එන්නත් ලබා දී තිබිණි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *