නිදන් හාරන්න ගිය පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට…?

October 6, 2021 at 7:27 am | by emanisa.lk

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රී ගයාන් මේනුක දිසානායක වීරකැටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වීරකැටිය අග්‍රහැර ප්‍රදේශයේ නිවසක සැකකටයුතු අන්දමින් සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සමග සිටි අනෙකු පුද්ගලයන් පැන ගොස් තිබෙන අතර ඔහු පැමිණි මෝටර් රථය, ස්කෑනර් යන්ත්‍රයක් හා කලු ගල් විදීම සඳහා භාවිත කරනු ලබන උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු ඊයේ (05) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා දී ඇති අතර මේ පිළිබඳ නඩුව දෙසැම්බර් 07 වැනිදා යළි කැඳවිමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *