නිතර ම කන්න අඳින්න නෑ කියන ජවිපෙට පොහොට්ටු මන්ත්‍රී අවුරුදු ගෙනෙයි..! ජවිපෙ මන්ත්‍රී පිරිස විරෝධය පා සභාවෙන් නික්මෙති..!

March 14, 2023 at 5:55 pm | by emanisa.lk

මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට සහ මන්ත්‍රීවරියකට අලුත් ඇඳුම් ලබාදීමේ සිද්ධියක් හේතුවෙන් කළුතර ප්‍රාදේශීය සභාවේ අද (14) උණුසුම් තත්ත්වයක් ඇති විය.

කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනෝජ් ද සිල්වා මන්ත්‍රීවරයා අද පැවැති මාසික සභා රැස්වීම අතරතුර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනා වෙත එම අලුත් ඇඳුම් ලබාදීමට උත්සාහ ගෙන තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් නිතරම ජනතාවට කන්න අඳින්න නැතැයි පවසන නිසා ළඟ එන අලුත් අවුරුද්ද නිමිත්තෙන් මෙම අලුත් ඇඳුම් කට්ටල තුන රැගෙන ආ බව මෙම ඇඳුම් රැගෙන ආ බව මනෝජ් ද සිල්වා මන්ත්‍රීවරයා පවසා තිබේ.

කෙසේ වෙතත් ජවිපෙ මන්ත්‍රීවරුන් දෙදෙනා සහ මන්ත්‍රීවරිය දැඩි පිළිකුලෙන් යුතුව එය ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව සිද්ධියට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනා සහ මන්ත්‍රීවරිය සභාවෙන් පිටවී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *