“නිකන් පළයං යකෝ යන්න! පර බල්ලා!” – ශාසනමාමක ජනප්‍රසාදිනි කිරිඇල්ල මහ සංඝ රත්තනය සුද්ද සිංහලෙන් අමතයි….(video)

April 3, 2019 at 4:22 pm | by admin

මාර්ගයක් පිළිසකර කර ගැනීම සඳහා නාවලපිටිය ප්‍රදේශවාසී ජනතාව සමග පාරට බැස උද්ඝෝෂණය කළ භික්ෂූන් වහන්සේ නමක් ඒ සඳහා විසඳුම් ඉල්ලමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගත් අතර ඇමතිවරයාට අදාළ ගැටලුව පැවසීම සමග කෝපයට පත්වී “නිකන් පළයං යකෝ යන්න! පර බල්ලා!” යැයි බැණ වැදී දුරකතනය විසන්ධි කළේය.

මෙම බැණ වැදීම සමග අසල සිටි තවත් භික්ෂූන් වහන්සේ නමක් කෝපයට පත්වී ඇමතිවරයාට ද පෙරළා බැණ වැදුණේය. ඇමතිතුමාට ජනප්‍රසාදිනි සම්මානය ලබා දුන්නේ ද තමන් වහන්සේලා යැයි බැණුම් ඇසු හිමියන් ප්‍රකාශ කළේය.

මෙම මාර්ගය තැනීම සඳහා ලක්ෂ 500ක් වෙන්වූ කළ ද මාර්ගය මෙතෙක් පිිළිසකර කර නොමැති අතර අදාළ මුදලට සිදු වූ දෙයක් ද නැතැයි එහි දී චෝදනා නැඟිණි. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ආගමික හා සමාජයීය වශයෙන් සිදුකරන මෙහෙවර අගයමින් අස්ගිරි මහා විහාර පාර්ශ්වය ශාසනමාමක ජනප්‍රසාදනී ගෞරව සම්මානය පිළිගැන්වූයේ පසුගිය වසරේය.

 

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *