නැ. ජැටිය වෙන බලවත් රටකට දෙනව ද? – ඉන්දීයාව අසයි…

February 6, 2021 at 5:26 pm | by emanisa.lk

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මෙන්ම මේ රජය බලයට පත් කිරීමට අනුග්‍රහය දැක්වූ බලවේගවලින් 99%ක්ම වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට එරෙහි වූ නිසා එම තීරණය අවලංගු කිරීමට සිදු වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේට දැනුම් දුන්නේය.

වරාය නැගෙනහිර ජැටිය පැවරීම අවලංගු කිරීම ගැන ඉන්දීය රජයේ මතය දැන්වීම සඳහා ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා මුණගැසිණි. එම හමුවීම්වලදී මහ කොමසාරිස්වරයා කියා තිබුණේ දෙරට අත්සන් කළ ගිවිසුමක් ශ්‍රී ලංකාව ඒක පාර්ශ්විකව අවලංගු කිරීමට අදාළ සාධාරණ හේතු තමන්ට ඉන්දීය රජයට ඒත්තු ගැන්වීම පවා අසීරු බවය.

එසේ ම තම රජයට නොදුන් නැගෙනහිර ජැටිය වෙනත් බළැවත් රටකට පවරන්නේ ද යන්න ගැනත් ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රශ්න කර ඇත.

මේ සියල්ලට පිළිතුරු ලෙස රජයේ ප්‍රධානීන් පවසා ඇත්තේ පවතින දැඩි විරෝධය හමුවේ ඉන්දියාවට ජැටිය ලබා දුන්න ද එය නිසි පරිදි පවත්වාගෙන යාමට වෘත්තීය සමිති සහාය නොදෙන බවය.

එබැවින් වරායේ බටහිර ජැටියෙන් 85%ක බහුතර කොටස් ලබාගෙන සංවර්ධනය කරන ලෙස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මහ කොමසාරිස්වරයාට යෝජනා කර ඇත.
(දේශය පුවත්)

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස