නැ. ජැටිය විකුණනවා කියලා සෞභාග්‍යයේ දැක්මේ නෑ….! ජනාධිපතිතුමා ප්‍රතිපත්ති පාවා දෙන්නේ නෑ…! එජාපය පාවා දුන් ජැටිය රැකදෙන්න සූදානම්…! – රාජ්‍ය ඇමැති ගොඩහේවා සහ ප්‍රියත් බන්දු….

January 29, 2021 at 9:40 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන් වන්නේ කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ශ්‍රී ලංකා රජය නැතහොත් වරාය අධිකාරිය මගින් දියුණු කළ යුතු බව යැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

නැඟෙනහිර පර්යන්තය පිළිබඳ ගැටළුව නිර්මාණය කළේ පහුගිය යහපාලන ආණ්ඩුව බවත් එය විසඳා ගැනීම සඳහා දැන් කටයුතු කළ යුතුව ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

කෙසේ වුව ද සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඔබ්බට යාමට ජනාධිපතිවරයාට හෝ තමන්ට උවමනාවක් නැතැයි ද ඔහු අවධාරණය කළේ ය.

තමා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස වරාය අධිකාරිය රැක ගැනීමට තමා කළයුතු කළ ආකාරය සියලු දෙනා දන්නේ යැයි හිටපු වරාය අධිකාරී සභාපති ආචාර්ය ප්‍රියද් බන්දු වික්‍රම සඳහන් කළේ ය. එසේ ම නැඟෙනහිර පර්යන්තය රැක දීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

අද (29) දහවල් කෑම පැයේ වරාය අධිකාරිය ඉදිරිපිට එහි සේවකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති උද්ඝෝෂණයට එකතු වෙමින් ඔවුහු මේ බව ප්‍රකාශ කළේ ය.

https://www.youtube.com/watch?v=U-zLe5hIwb4

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස