නැවේ කැප්ටන් නැති වෙලාවක නැවට නඟින ඕන ම කෙනෙකුට නැව අයිතියි….! – හඳුන්නෙත්ති මුහුදු නීතිය පැහැදිලි කරයි……

June 8, 2021 at 5:19 pm | by emanisa.lk

කිසියම් අවස්ථාවක නැවක කපිතාන් සහ කාර්ය මණ්ඩලය නැවෙන් බැස පසු ඒ නැවට නඟින ඕනෑ ම අයෙකුට නැව අයිති වන බවට ජාත්‍යන්තර සමුද්‍ර නීතියක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

සිරස නාළිකාවේ වැඩසටහනකට එකතු වෙමින් ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති මේ බව අනාවරණය කළේ ය.

මෙලෙස නැවේ කපිතාන් ඇතුළු පිරිස නැවෙන් ගිය පසු නැව අත හැරීමක් සිදු වන බවත් එම පක්ෂයේ හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

නෙදර්ලන්ත කණ්ඩායමක් පැමිණ එක්ස්ප්‍රස් පර්ල් නැව වටා කැරකී ඇති බවටත් මෙයට පෙර අවස්ථාවක ගිනිගත් නිව් ඩයමන්ඩ් නැව රැගෙන ගියේ නැව අයිති සමාගම නොවන බවටත් ඔහු අනතුරු අඟවයි.

කෙසේ වුව ද මෙම වැඩසටහනට එකතු වූ මුහුදු හා නාවික නීතිය පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර සඳහන් කළේ එවැනි නීති ෆේස්බුක් පිටුවල මිස නාවික නීතියෙහි නොමැති බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස