නැව් ගින්නෙන් ජීවනෝපාය අහිමි වූ ධීවරයන්ට දීමනාවක්….!

May 28, 2021 at 9:29 pm | by emanisa.lk

‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකා අනතුරේ ප‍්‍රතිඵලයක් ලෙස වෙරළ දූෂණය වීමෙන් ධීවර කටයුතු අත්හිටුවා තිබෙන ප‍්‍රදේශවල ආදායම් අහිමි වන පුද්ගලයන්ට දීමනාවක් ලබා දෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

“පානදුර සිට මීගමුව දක්වා ම ධීවර කර්මාන්තය අත්හිටුලා තියෙන්නේ ඒ නිසා මත්ස්‍ය පරිභෝජනය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කිරීමේ අවශ්‍යතාවක් නෑ.

එම කළාපය තුළ දෛනිකව ආදායම් අහිමි වන සියලු දෙනාට ආදායම් අහිමි වන කාලය තුළ යම්කිසි මුදලක් ලබා දීමට කටයුතු කරනවා. මෙම ප‍්‍රදේශයේ ක්ෂේත‍්‍ර 28 ක් කටයුතු කරනවා. මුදල් අමාත්‍යය සහ ධීවර අමාත්‍ය ඒකාබද්දව ආදායම් අහිමිවූ පුද්ගලයන්ට ගෙවීම් කරන්න කටයුතු කරනවා. ඒ පුද්ගලයන් තොරතුරු ලබාදෙන්න.

එම ප‍්‍රදේශවලින් බහුදින යාත‍්‍රා සහ ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවලට කිසිම තහනමක් පනවා නෑ. මේ හේතුව නිසා මත්ස්‍ය වෙළෙඳපොළ ප‍්‍රශ්නයක් ඇති වුහොත් ධීරව දෙපාර්තමේන්තුව හරහා මත්ස්‍ය තොග සෘජුවම මිල දී ගැනීමට අපි සූදානම්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *