නැවත ඇඳිරි නීතිය ලිහිල් කරන්නේ 6 වෙනිදා උදේ!

April 1, 2020 at 10:18 am | by emanisa.lk

අද (01) උදෑසන 06ට ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්ක 19 සඳහා නැවතත් සවස 2ට ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අධි අවදානම් කළාප ලෙස නම්කර ඇති සෙසු දිස්ත්‍රික්කවල අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර පෙර කී දිස්ත්‍රික්ක 19 සඳහා නැවත ඇඳිරි නීතිය ලිහිල් කරනු ලබන්නේ 06 වෙනි සඳුදා උදෑසන 6ට ඉවත් කර සවස 02ට නැවත පනවන බව එහි වැඩි දුරටත් සඳහන්ය.

මෙම කාල සීමාව තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා නිවසටම ලබා දීමේ වැඩපිළිවෙළ රජය දිගටම ක්‍රියාත්මක කරන අතර ජනතාවට ගොවිතැන් කුඩා තේ වතු සහ අපනයන භෝග නිෂ්පාදන කටයුතුවල දිගටම නිරත විය හැකිය.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා ඇඳිරි නීතිය පනවා ඇත්තේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා හෙයින් ඊට අවනතව කටයුතු කරන ලෙසත් එම නිවේදනය මගින් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස