පසුගිය සතියට වඩා මේ සතියේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 3-5%ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.
කෙසේ වෙතත් කොවිඩ් මරණ සංඛ්‍යාව සියයට 04කින් පමණ අඩු වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මේ අතර ළඟ දි නත්තල සහ නව වසර උදා වන හෙයින් එම කාල සීමාවේ දී ජනතාව ඒකරාශී වීමෙන් වැළකී සෞඛ්‍ය නීති අකුරට ම පිළිපැදීම වැදගත් බවත් එසේ නොකළහොත් භයංකාර තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බවට වෛද්‍ය හම්දානි අනතුරු අඟවයි.