නැග්ග බස් එක වැරදුණා.. අපි බැස්සා…! – ගම්මන්පිල…

September 4, 2022 at 8:12 pm | by emanisa.lk

තම වචනය විශ්වාස කළ ජනතාව 2019 වසරේ දී ලක්ෂ 69ක් ඡන්ද ලබා දී ජනාධිපතිවරයෙකු පත් කළ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

එහෙත් ජනාධිපතිවරයා වෙනුවට පවුලේ සිහින ඉටු කිරීමට ගොස් ජනතා පැතුම් පොඩි පට්ටම් කොට දැමූ බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

නැග්ග බස් එක වැරදුණු හෙයින් බසයෙන් බැස්ස නමුත් සිය ගමන යන බවත් උදය ගම්මන්පිල අවධාරණය කරයි.

පවුල් රජ කළ නායකයින් රජ කළ යුගය අවසන් බවත් ජනතාව රජ කරවන යුගය අද අරඹන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

අද (04) හවස ස්වාධීන පක්ෂ එකතුව විසින් ගොඩනඟන උත්තර සභාගය ජනගත කිරීමේ අවස්ථාවට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *