නාවික හමුදා විරුවන් 180කට කොරෝනා!

April 27, 2020 at 7:29 pm | by emanisa.lk

තවත් කොරෝනා ආසාධිත රෝගීන් 10 දෙනෙකු අද දිනයේදී සොයා ගැනීමත් සමග පස්වරු 4.00 වන විට මෙරටින් වාර්තා වන මුළු ආසාධිතයින් සංඛ්‍යාව 567ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

අද දිනයේදී සොයා ගත් කොරෝනා ආසාධිතයින් 44 දෙනා නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් 180 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවයි.

ඉන් නිලධාරීන් 112 දෙනෙක් කඳවුර තුලින්ද තවත් 68 දෙනෙක් නිවාඩු ලබා සිය නිවෙස් වෙත ගොස් සිටි අය බව මෙහිදී යුධ හමුදාපතිවරයා කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස