නාවික හමුදා කොරෝනා පොකුර නිවා දමයි! සුවපත් ප්‍රතිශතය 99% ඉක්මවයි! තවම රෝහලේ 05ක් විතරයි!

July 18, 2020 at 11:35 am | by emanisa.lk

කොරෝනා ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් සෙබළුන් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ නාවික හමුදා සෙබළු ගණන 901 දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා අසාදිත මුළු නාවික හමුදා සෙබළු ප්‍රමාණය 906ක් වන අතර මේ අනුව සුවපත් වූ ප්‍රතිශතය 99.44% දක්වා ඉහළ ගොස් තිබේ.

තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ නාවික සෙබළු 05 දෙනෙක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *