නාරාහේන්පිට රෝහලට අත්බෝම්බය ගෙනාවේ ඇමැති නිවසකින්…!

September 17, 2021 at 7:54 am | by emanisa.lk

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිලියකින් හමු වූ අත් බෝම්බය සැකකරු විසින් රැගෙන එනු ලැබ ඇත්තේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අමාත්‍යවරයකුට අයත් නිල නිවාසයක ලාච්චුවක තිබී බවට තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අංගුවට ගෙන රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින තිරිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි ඉදිකිරීම් සමාගමක සේවකයා විසින් කරනු ලැබූ ප්‍රකාශයකට අනුව මෙම කරුණු හෙළිවූ බව එම ආරංචි සඳහන් කරයි.

ඒ අනුව මෙම සැකකරු මීට මාස තුනකට පමණ පෙර කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි එම ප්‍රභූ නිල නිවස අලුත්වැඩියා කිරීම සදහා ගොස් සිටිය දී එහි කාමරයක මේසයක ලාංච්චුවක තිබී මෙම ජීව අත්බෝම්බ සහ ජීව උණ්ඩ කිහිපයක් සොයා ගෙන ඇති බව ද සැකකරු ප්‍රකාශ කර ඇතැයි පැවසෙයි.

ජීව අත්බෝම්බය මෙම සැකකරු ලබාගෙන ඇති අතර අනෙක් පතුරොම් ඔහු සමග සිටි අනෙක් සගයා රැගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග වලින් පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස