නායකයෝ ආරක්ෂාව තහවුරු කළා කියලා අපට බොරු කියනවා! – අගරදගුරු හිමි

May 7, 2019 at 9:38 am | by admin

සමස්ත මීගමුව ප්‍රදේශයම ආරක්ෂක අංශ යොදවා පරීක්ෂා කර බලන ලෙස තමන් රජයේ ඉහළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද ආණ්ඩුව එම ඉල්ලීම ඉටු නොකර තමන්ට බොරු කියන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් කළ ඉල්ලීම් නොසලකා හැරීම හරිමින් මේ ආකාරයට තමන් රැවටීම පිළිබඳ කනගාටුවන බව ද එහිමියෝ පැවසූහ.

පසුගියදා මීගමුව ප්‍රදේශයේ හටගත් ගැටුම පිළිබඳ සොයා බැලීමට එම ප්‍රදේශයේ සංචාරය කරන අතර පෝරුතොට කතෝලික දේවස්ථානය වෙත පැමිණි අවස්ථාවේ මෙම අදහස් දැක්වීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස