නායකයින්ගේ පඹයින්ට ගහන ජනතාව ළඟදි ම ජීවමාන නායකයින්ටත් පොලුපාර දෙනවා…! – පොහොට්ටු මන්ත්‍රී..

October 24, 2021 at 10:47 am | by emanisa.lk

ඉටුකළ නොහැකි දැවැන්ත  පොරොන්දු ජනතාවට දිමේ ප්‍රතිවිපක රජය මේ වන විට මුහුණ දි සිටින බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම විරක්කොඩි පවසයි.

දැන් පහරදෙන්නේ  මැති ඇමැතිවරුන්ගේ නායකයින්ගේ පඹයන්ට බවත්  රජයක් වශයෙන් නිවරදි  තින්දු තිරණ නොගතහොත් නුදුරේදි ජිවමාන උදවියටත් ඒ පොලුපහර එල්ල වනු ඇති බවත් මන්ත්‍රිවරයා සඳහන් කරයි.

ඊයේ ගාල්ලේ දි  (23) පැවති මාධ්‍ය හමුවක දී මන්ත්‍රිවරයා මේ බව පැවසුවේය.

ජනතාවට ඉටකරන්න බැරි  බලාපොරොත්තු දෙන, ඉටුකරන්න බැරි විශාල සිහින පෙන්වන කුමන රජයක් බලයට ආවත් එවා නැවැත්විය යුතුයි බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ජනතාවට විනිවිදව උත්තරදිමට හැකි අකාරයට තින්දු තිරණ ගත හැකි, මිනිසුන්ට ඇත්ත කියන්න යථාර්වාදිව කරුණු පැහැදිලිකරන්න රජය කටයුතු කළයුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

මන්ත්‍රිවරුන්ට ඇමතිවරුන්ට වඩා  ජනතාව බුද්ධිමත්, රජයක් හැටියට ඇත්ත ඇති සැටියෙන් ජනතාවට කිවයුතු යැයිද ඔහු පවසා සිටියේය.

මේ අවස්ථාවේ දි ජනතාවට දැනෙන ප්‍රධාන  ප්‍රශ්නය තමයි ජිවත්විමේ ප්‍රශ්නය, ජිවන වියදම් ප්‍රශ්නය බවත් ජිවන වියදම අතිවිශාල ලෙස වැඩිවී ඇති බවත් චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පවසා සිටියා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස