නායකයා විවේචනය කළ අයට දඬුවම් දෙන්න ඕන! ජනාධිපතිවරණය දිනන එක මට කජ්ජක් නෙමෙයි! – සජිත්ට ප්‍රහාරයක් එල්ල කරමින් දයා ගමගේත් ජනාධිපති ඇඳුම අඳියි….

August 29, 2019 at 10:07 am | by emanisalk

කිසියම් හෝ කෙනෙක් නායකත්වය විවේචනය කරන්නේ නම් අනිවාර්යයෙන්ම පක්ෂය විනයානුකූල පියවරක් ගත යුතු බව අමාත්‍ය දයා ගමගේ අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (28) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට කර තිබෙන තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ දැනටමත් ඒ සඳහා ප්‍රමාද බවයි.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ අවසන් තීන්දුව කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව ගනු ලබන අතර එජාපයෙන් කුමන අපේක්ෂකයා ඉදිරිපත් කළද ඔහු ජයග්‍රහණය දක්වා ගෙනයාමට තමන් කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පක්ෂය ජනාධිපති අපේක්ෂකයා ලෙස තමා නම් කරන්නේ නම් ජනාධිපතිවරණය ජයගැනීම තමන්ට කජ්ජක් නොවන බව ද ඔහු අවධාරණය කළේය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස