නායකයන්ගේ වගකීම ජනතාව තුළ ආත්ම විශ්වාසය ඇති කිරීමයි! – ජනපති (video)

March 18, 2020 at 12:02 am | by emanisa.lk

රජය විසින් විශේෂ නිවාඩු දින ලබා දුන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නැවැත්වීමට බවත් එම නිසා ඒ සඳහා සහය වන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.

එම නිසා ගමන් බිමන්, සමුහ වශයෙන් එකරාශිවීම්, උත්සව සහ සාදවලින් සම්පුර්ණයෙන් වැළකි සිටිමට වගබලා ගතයුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

රජය විසින් ලබා දී ඇති උපදෙස් පිළිපැදීම තුළින් මෙම වෛරස් තත්ත්වය සම්පූර්ණයෙන්ම රටෙන් තුරන් කිරීමට හැකියාව ලැබේන බවද ජනාධිපතිවරයා පවසයි.

රට තුළ උද්ගත වී ඇති නියං තත්ත්වය සම්බන්ධයෙන්ද අදහස් දැක්වු ජනාධිපතිවරයා පැවසුවේ ඒ සඳහා රජයක් ලෙස ගොවීන්ට සහන ලබා දිය යුතු බවයි. ජීවන මිල පාලනය කළ යුතු බවත් ඒ සඳහා රාජ්‍ය නිළධාරින් කැපවි කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පවසා සිටියේය.

වත්මන් රජය පාලනයට පැමිණිමත් සඳහා රට පාලනය කර ගැනීම නම් අයවැයක් සම්මතකර ගැනීමට අවශ්‍ය බවත් එම නිසා අතුරු සම්මත අයවැයක් ඉදිරිපත් කළද ඒ සඳහා විපක්ෂයේ සහය නොලැබුණ බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

නායකයන් ක්‍රියා කළ යුත්තේ ආත්ම විශ්වාස ඇති කිරීමට මිසක් ජනතාව අතර අනිසි බියක් ඇති කිරීම නොවන බව පැවසූ ජනාධිපතිවරයා මින් පෙරද තම පාර්ශවය අභියෝගවලට මුහුණ දි ජය ගෙන ඇති බවත් ඒ සඳහා වත්මන් රජය සුදානම් බවද කියා සිටියේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස