නායකකම එපා කියාගෙන සජිත් පිළ රනිල් ළඟ දණ ගසයි! අජිත් පී. ඇතුළු පිරිස නැවතත් කෘත්‍යාධිකාරියට!

February 2, 2020 at 8:55 am | by emanisa.lk

පසුගියදා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළ අජිත් පී. පෙරේරා, සරත් ෆොන්සේකා, රෝසි සේනානායක සහ ඉමිතියාස් බාකීර් මාර්කර් නැවත කෘත්‍යාධිකාරී මණ්ඩලයට එකතු කර ගැනීමට රනිල් වික්‍රමසිංහ එකඟ වී තිබේ.

ඒ පසුගියදා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වී ගත් තීන්දුවට සජිත් පාර්ශ්වය එකඟ වීමත් සමගය. එහිදී එජාප නායකත්වය තව දුරටත් රනිල් වික්‍රමසිංහට හිමි විය යුතු බව තීන්දු කළ අතර නායකත්වය ඉල්ලා අරගල කළ සජිත් පාර්ශ්වය ඊට එකඟ විය.

2019 වසරේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී 2023 වන තුරු පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ බවට තීන්දුවක් ගත් බවත් තමන් චන්ඩිපාට් දමා පක්ෂයෙන් එළවිය නොහැකි බවත් පසුගියදා තිස්ස අත්තනායක හමු වී රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස